රට තුළ ඇති අන්තවාදී සංවිධාන තහනම් කරන බව රුවන් කියයි

Share

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රථිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.

අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News