පිට පළාත් සිට කොළඹට එන බස් ධාවනය සිමා කරයි

Share

රටේ උද්ගතව ඇති තත්ත්වය සලකා බලා පිට පළාත්වල සිට කොළඹ දක්වා ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ධාවනය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය අශෝක අබේසිංහ පවසයි.

තවද, රාත්‍රී තැපැල් දුම්රියන් සියල්ල අද(21) දිනයේදී අවලංගු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මිට අමතරව කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ රැඳී සිටින මගින්ව ඔවුන්ගේ ගමනාන්තය දක්වා රැගෙන යාමට අවශ්‍ය බස් රථ යොදවා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

Read more

Local News