රුධිර සංචිත ප්‍රමාණවත්

Share

බෝම්බ පිපුරුම් හේතුවෙන් තුවාල ලැබූවට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය රුධිරය ප්‍රමාණවත් තරම් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ජාතික රුධිර පාරවිලයන සේවයේ රුධිර සංචිත ප්‍රමාණවත් බවත්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරිම සඳහා කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මීගමුව දිස්ත්‍රීක් මහ රෝහලට අවශ්‍ය තරම් රුධිරය ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

බෝම්බ පිපිරීමෙන් පසු රුධිරය ලබාදීම සඳහා ජනතාව කඩිනමින් නාරාහේන්පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ සිටියහ. ඔවුන් ලියාපදිංචි කර ගැනීමෙන් අනතරුව අවශ්‍ය තරම් රුධිරය ලබාගන්නා ලදි.

ඉදිරියේ දී රුධිරය ලබාගැනීමට අවශ්‍ය වුවහොත් නැවත දැනුම්දීමට පියවර ගන්නා බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

Read more

Local News