කර්මාන්ත දහස් ගණනාවක් ඇතිවන මතු පරපුර ණය බරින් මුදවන අයවැයක් – අමාත්‍ය වජිර අබේවර්ධන

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 ( සිව්වැනි වෙන් කළ දිනය ) අද (14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ කර්මාන්ත දහස් ගණනාවක් ඇතිවන මතු පරපුර ණය බරින් මුදවන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවයි.

අයවැය සම්බන්ධයෙන් විවිධ යෝජනා අඳහස් ඉදිරිපත් වී තිබෙනවා. වසර 70 තිස්සේ ඉදිරිපත් වූ අයවැය තුළින් සිදු වූ සුවිශේෂී සේවා රාශියක් තිබෙනවා වගේම ප්‍රශ්න ගණනාවක් ද තිබෙනවා.

2015 ජනවාරි මස 08 වැදගත් ජනවරමක් ලැබුණා. අවස්ථා කීපයක් අයවැය වාර්තා ඉදිරිපත් කළා. පසුගිය වර්ෂය විශාල අභියෝගවලට මුහුණ දුන්නා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 95ක් ගංවතුර තර්ජනයට මුහුණ දුන්නා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 117ක් නියඟය සඳහා ආපසු මුහුණ දෙන්න සිදු වුණා. මුළු රජයම මැදිහත්වෙලා, බිලියන 70ක මුදලක් අතිරේකව අයෝජනය කරන්න සිදු වුණා. එසේ තිබිය දී මෙපමණ සාර්ථක අයවැයක් ඉදිරිපත් කර තිබෙන්නේ. 2017 ලක්ෂ 5 ක වැඩසටහන් 14022ක් ක්‍රියාත්මක කරගෙන යනවා. මිලියන 2.5 ගානේ මිලියන 35055 ක් යොදවා තිබෙනවා. ගම නැංවීමේ අභියෝගය බාරගෙන තිබෙනවා.

මේ අයවැය සකස්කර තිබෙන්නේ, දිනාගන්න බැරි වූ අභියෝග ජයගන්නා අයවැයක් ඉදිරිපත් කර තිබෙන්නේ. ජයගන්න බැරි වුණ අංශ කොහොමද ජයගන්නේ කියලා බලන්න ඕන. උතුරු පළාත් සම්පූර්ණයෙන් ම ආවරණය කරනවා. රටේ විශාල ප්‍රශ්න ගණනාවක් උතුරේ, මන්නාරම, කිළිනොච්චිය, කුරුනෑගල, ප්‍රදේශවල ප්‍රශ ගණනාවක් අවසන් කරගෙන යනවා. වව්නියාව දිස්ත්‍රික්කයේ සියලුම හැදුනුම්පත්, උප්පැන්න සහතික නොමිලේ ලබාදුන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික හැදුනුම්පත් 80,000ක් නොමිලේ ලබාදෙනවා.

අයවැයෙන් රැකියා බිහිකරන්නේ කොහොමද කියලා. බෙන්තර ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ආයෝජනයට අවශ්‍ය ඉඩම් ලබාගෙන රැකියා නිෂ්පාදනය කරන්නට බලනවා. රාජ්‍ය අංශයට මොකද කළේ කියලා අහනවා. රජයක් හැටියට 2020 වනතුරු මූලීක වැටුප දැවැන්ත ශක්තියකින් වැඩි කර තිබෙනවා. මේ අයවැය කර්මාන්ත දහස් ගණනාවක් ඇතිවන මතු පරපුර ණය බරින් මුදවන අයවැයක්. කාන්තාවන්ට නිසි තැන දෙන රාජ්‍ය සේවයට නව පනක් ලබාදෙන අයවැයක් බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News