උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කෙරේ

Share

යාපනයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වන සති අන්ත විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (21) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් පැය 9කට ආසන්න කාලයක් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.

මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කළ යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කරන ශීඝ්‍රගාමී දුම්රියයි.

ශාවස්තිපුර දුම්රිය ස්ථාන පසුකර 122 1/2 සැතපුම් කණුව අසළදී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇති බවට වාර්තා වේ.

අනුරාධපුරයේ සිට ආපදා දුම්රියකින් පැමිණි දුම්රිය කාර්මික නිලධාරීන් විසින් දුම්රිය මැදිරිය යථා තත්වයට පත්කර දුම්රිය පීළී වලට සිදුව ඇති හානිය අවම කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

පැය 9කට අධික කාලයක් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ අතර රාත්‍රී 10 පසු නැවතත් සුපුරුදු පරිදි දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්වූ බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

මෙයින් කිසිවෙකුටත් හනියක් සිදු නොවු බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read more

Local News