එජාපයේ මැයි රැළියත් අවලංගු කරයි

Share

එක්සත් ජාතික පක්ෂය විසින් එළඹෙන මැයි පළවනදාට යෙදී ඇති කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඊයේ(21) දිනයේ කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරිම් කිහිපයක් හේතුවෙන් ඇතිව ඇති තත්ත්වය මත මැයි 01 දින පැවැත්වීමට නියමිතව තිබූ මැයි දින රැළිය අවලංගු කිරීමට පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත.

Read more

Local News