මන්නාරමේ හර්තාල්

Share

මන්නාරමේ හර්තාල්

බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරමේ‍ වෙළඳසැල් වසා දමා අද (22) හර්තාලයක් ක්‍රියාත්මක කර ඇත.

බෝම්බ ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්වූ සහෝදර ජනතාවට ආත්ම ශාන්තිය ප්‍රාර්තනා කරමින්,‍ ඔවුන් වෙත සිය ශෝකය ප්‍රකාශ කිරීම සඳහා මෙසෙල වෙළඳසැල් වසා දැමූ බව මන්නාරම වෙ‍ෙළඳ ප්‍රජාව ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරයට වගකිව යුත්තන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව පවසන ඔවුන් ප්‍රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් වෙනුවෙන් ද තම ශෝකය ප්‍රකාශ කර ඇත.

Read more

Local News