කොළඹ තවත් පිපිරීමක් ගැන කියන කතාවේ ඇත්ත මෙන්න

Share

මීට සුලු මොහොතකට පෙර කොටහේන කොච්චිකඩේ ප්‍රදේශයේ තවත් පිපිරීමක් සිදු වී ඇතැයි පැතිර යන වාර්තාවේ සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.

පැතිය යන කටකතාව සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති අංශය කළ විමසීමේදී මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ
ඊයේ (21) ප්‍රහාරයට පැමිණි ප්‍රහාරකයින් පැමිණි වෑන් රථයේ තිබුණු පුපුරණ ද්‍රව්‍ය තොගයක් බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කරන අවස්තාවේදී ඇති වූ පිපිරීම මේ අයුරින් කට කතාවක් ලෙස පැතිය යන බවයි.

මෙය කිසිසේත් ප්‍රහාරයක් නොවන බැවින් පැතිර යන කටකතා සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News