ලංකාවට ඕනෑම උපකාරයක් කරන්න මාලදිවයින සූදානම්

Share

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සොලේ මහතාගේ විශේෂ නියෝජිතයෙක් වශයෙන් මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අහමඩ් කලීල් මහතා අද(22) දින ශ්‍රී ලංකාවට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සහ ජනතාවගේ කණගාටුව පළකළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අහමඩ් කලීල් මහතා ශ්‍රී ලංකාවට ඕනෑම උපකාරයක් කිරීමට මාලදිවයින සූදානම් බව ද පැවසීය.

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජනතාව මෙරට රැදී සිටින අතර, පෙර පරිදිම මාලදිවයින් ජනතාව ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද සඳහන් කළේය.

කොළඹ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව දැකීම සතුටට කරුණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් ජනාධිපතිවරයාට හා එරටේ ජනතාවට සිය ස්තුතිය පළ කරන බව පැවසීය.

මෙම අවස්ථාවට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඔමාර් අබ්දුල් රසාක් මහතා ද එක්විය.

Read more

Local News