අධිකරණ අමාත්‍යාංශයෙන් විශේෂ පණිවිඩයක්

Share

ඊයේ(21) දිනයේ සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් තොරතුරු මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූවන් පිළිබඳව ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා දන්වා සිටී.

ඒ සම්බන්ධව තොරතුරු කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ, අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම් දෙන ලෙස තව දුරටත් කියා සිටී.

එසේම මේ සඳහා පවුලේ ලඟම ඥාතීන් පමණක් පැමිණෙන ලෙස ද ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා  ඉල්ලා සිටියි.

Read more

Local News