2017 වසරේ සිට ජාතික තව්හීද් ජමාත් සංවිධානයට විරෝධතා

Share

පල්ලි හා කොළඹ තරු පංතියේ හෝටල්වලට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සැලසුම්කළ බවට සඳහන් කරන ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ පටන් විරෝධතා පැවැති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

මෙම සංවිධානය නැගෙනහිර පළාතේ කාන්තන්කුඩි ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක වී ඇති අතර එම ප්‍රදේශයේ ජනතාවගෙන්ද සංවිධානයට විරෝධය එල්ල වී තිබේ. 2017 වසරේචී එම සංවිධාය හා තවත් සංවිධානයක් අතර ගැටුමක්ද ඇතිව තිබේ.

පසුව ජාතික තව්හීද් ජමාත්සංවිධානයේ නායකයා බව පැවැසෙන සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙසත් ජනතාව විරෝධතා පවත්වා තිබේ.

Read more

Local News