ලංකා තව්හිද් ජමාත් සංවිධානයෙන් නිවේදනයක්

Share

ශ්‍රි ලංකාවේ සිදුවු බෝම්බ පිපිරීම් වලට ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට පැතිරෙන තොරතුරු තරයේ හෙළා දකින බව එම සංවිධානය සඳහන් කරයි.

මෙම ප්‍රහාර මතක් කරන වාතාවක්ම ලේ කඳුළු නඟන දැඩි වේදනාවක් දැනෙන බවත් මනුෂ්‍යත්වය සුළුවෙන් හෝ අගයන කිසිවෙක් මෙම ප්‍රහාරය අනුමත නොකරන බවත් ඔවුන් නිවේනදනයක් නිකුත් කරමින් පවසසයි.

ඉකුත් ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය වාර්තා කරන විට ජාතික තව්හීද් ජමාඅත් සංවිධානය (NTJ) සම්බන්ධ කොට කරුණු දක්වා තිබුණ බවත් මෙහි නිරවද්‍යතාව පිළිබඳව නොදන්නා නමුත් අමානුෂික ක්‍රියාව කවුරු කළත් ඔවුන්ට දැඩි දඬුවම් නියම කළ යුතු බවට කිසිම සැකයක් නොමැති බවත් ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවේ තව්හීද් ජමාඅත් නොහොත් තව්හීද් නම භාවිතා කරමින් විවිධ සංවිධාන ක්‍රියාත්මක බවත් මෙලෙසම එක් එක් ප්‍රදේශ වල නම් සමඟ තව්හීද් නම භාවිතා වෙමින් ද විවිධ සංවිධාන ක්‍රියාත්මක වන බවත් ඔවුහු පවසති.

මෙවන් සංවිධාන වලට ත්‍රස්තවාදීන් සමඟ කිසිම සම්බන්ධයක් නැති වගත් මෙවන් නමක් භාවිතා කරමින් NTJ (national thawheed Jammath) යන නමින් සංවිධානයක්ද ක්‍රියාත්මක බවත් ඔවුහු පවසති.

මෙම සංවිධානයෙ නම  ඉකුත් සිදුවීම සම්බන්ධව කතාබහට ලක් වන බැවින් සමහර අය නොදැනුවත් ව ශ්‍රී ලංකා තව්හීද් ජමාත් (SLTJ) සංවිධානය සමඟ සම්බන්ධ කොට සාවද්‍ය ප්‍රචාර ගෙනයාම තරයේ හෙළා දකින බවත් ඔවුහු පෙන්වාදෙති.

තව්හීද් නම භාවිතා කරමින් විවිධ සංවිධාන ක්‍රියාත්මක වුනද ජාතික තව්හීද් ජමාඅත් සංවිධානයට හා ශ්‍රි ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයටත් කිසිම සමබන්ධයක් නැති බවත් මතවාදමය වශයෙනුත් වෙනස් වන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වෙයි.

එමෙන්ම නැෂනල් තව්හීද් ජමාඅත් සාමාජිකයින් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයටත් කිසිම සම්බන්ධයක් තිබී නැති බවත් ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ කුර්ආනයට සහ නබි මගට අනුකූලව විවිධ සමාජ සේවා කටයුතුවල නියෙලෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

විශේෂයෙන් බුද්ධි අංශ ඒ බව පැහැදිලිව දන්නා බවත්එහෙයින් මෙවන් මිලේඡ්ච ප්‍රහාරයක් සමඟ ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය උපුටා දැක්වීම තරයේ හෙළා දකින බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

Read more

Local News