වික‍්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි මාලාවක්

Share

වික‍්‍රමාන්විත සංචාරක සේවා නඟාසිටුවීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලෙහි එක් පියවරක් ලෙස වික‍්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි මාලාවක් හදුන්වා දීමට කටයුතු යොදා ඇත.
මේ අනුව සියලු ම වික‍්‍රමාන්විත සංචාරක සේවා ක‍්‍රියාකාරකම් සඳහා ජාත්‍යයන්තර සම්මත සීමාමායිම් සහිත රෙගුලාසි පත් කිරීමට එක් එක් ක්ෂේත‍්‍ර සඳහා උපදේශක කමිටු 10ක් පසුගිය දා පත් කරන ලදී. ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ සහය ඇතිව ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය මගින් මෙය ක‍්‍රියාත්මක වේ.
මේ තුළින් ක‍්‍රීඩා අංගයන් සඳහා ධාරිතා සීමාවන් හඳුන්වාදීම, ආරක්‍ෂක අවශ්‍යතා හඳුන්වාදීම ආදිය සහ වික‍්‍රමාන්විත සංචාරක සේවා සපයන්නෙකු ලෙස ලියාපදිංචි වීමේ අවම සුදුසුකම් ආදී ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සහ ප‍්‍රමිතිය වැඩි දියුණු වන ලෙස නව රෙගුලාසි හඳුන්වා දීමට නියමිතය.
භූමිය, ජලය සහ ගුවන ආශ්‍රිත වික‍්‍රමාන්විත ක‍්‍රීඩා ක්‍රියාකාරකම් ක්ෂේත්‍ර 10කට බෙදා එක් එක් ක්ෂේත‍්‍රය සඳහා ප‍්‍රවීණත්වය දක්වන පුද්ගලයන්ගෙන් සැදුණු උපදේශන කමිටු 10ක් මගින් මෙම රෙගුලාසි හඳුන්වා දීම සිදුකරයි. ඒ අනුව මෙම උපදේශක කමිටුවල නිර්දේශ ඇතුළත් වික‍්‍රමාන්විත සංචාරක සේවා සඳහා මාර්ගෝපදේශ ලබන මාර්තු මාසයේ දී ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read more

Local News