බොරු බෝම්බ රට පුරා – ජාතික ආරක්ෂාව විහිළුවට ගන්න එපා

Share

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකටයුතු පාර්සල් පිළිබඳ දැනුම්දීම් රැසක් වාර්තා වෙමින් පවතින බව පොලිසිය පවසනවා.

මේ අතර කිසියම් පිරිස් විසින් ජනතාව කලබලයට පත් කිරීම සඳහා ගල්කැට දමා සකසන ලද පාර්සල්ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මීට සුළු මොහොතකට පෙර කොටහේන ප්‍රදේශයේද බස් රථයක් පිටුපස සැකකටයුතු පාර්සලයක් ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා.

කෙසේවෙතත් සැකකටයුතු පාර්සල් පිළිබඳ ලැබෙන තොරතරු මත වහා ක්‍රියාත්මක වී පරීක්ෂා කිරීම් සිදු කරන බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩි දුරටත් සඳහන් කළේ.

 

මේ අතර අයිතිකරුවෙකු නැති යතුරු පැදියක් අම්පාර නගරයේ ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව නගරයේ මාර්ග වසා දමා එම යතුරු පැදිය දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා.

බොම්බ නිශ්ක්‍රීය අංශයේ නිළධාරින් පැයකට ආසන්න කාලයක් යතුරු පැදිය පරීක්ෂා කර එම යතුරු පැදියේ පුපුරන ද්‍රව්‍ය නොමැති බව සනාථ කර සුළු වේලාවකින් අදාළ යතුරුපැදියේ අයිතිකරු එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ තමන් කලුමුනේ යෑමට යතුරු පැදියෙන් පැමිණි බවත් අලුයම් කාලයේ ඇතිවු අධික වර්ෂාව නිසා යතුරු පැදිය මෙම ස්ථානයේ දමා ගිය බවයි.

 

Read more

Local News