වර්තමානයේ පවතින්නේ ගෝලීය ත්‍රස්තවාදයක් – අගමැති

Share

මේ වන විටත් පැවැත්වෙන පාර්ලිමේන්තුව අමතම්න් අගමැතිවරයා පැවසුවේ වර්තමානයේ පවතින්නේ ගෝලීය ත්‍රස්තවාදයක් බවයි.

අගමැතිවරයා වැඩ්දුරටත් පැවසුවේ ජාතිවාදය පදනම් කරගත් ත්‍රස්තවාදයට වඩා ආගම්වාදය පදනම් කරගත් ත්‍රස්තවාදය ඉස්මතු වි තිබෙන බවයි.

තවද පාර්ලිමේන්තුවේ අගමැති කතාවට බාධා කරන පිරිස් වෙත සිනාවෙම්න් අගමැති පැවසුවේ ත්‍රස්තවාදියෙක් මගේ කතාවට බාධා කරන ඒක පුදුමයක් නොවන බවයි.

මේක සැලසුම් කරන පුද්ගලයන් ඉන්න බවත් දැන් පොලිසි ආරක්ෂක අංශයත් බුද්ධි අංශයත් සියල්ලේාම අත්අඩංගුවට ගැනිමට සියලු බලතල ත්‍රිවිධ හමුදාවට ලබා දි තිබෙන බවයි. ඒමෙන්ම වැදගත් කරුණු කීපයක් ලබා තිබෙන බවයි.

තවද මෙහි මෙම මුලික අරමුණ වි අැත්තේ අාර්ථික හානියක් සිදු කිරිමට බවත් ඒ සඳහා ඉඩ නොදෙන බවත් අගමැතිවරයා වැඩ්දුරටත් පැවසුවා.

ඒමෙන්ම විදේශිය ජාත්‍යන්තර රාජ්‍ය නායකයන් රැසක් මෙරටට සහයෝගය පල කළ බවත් ඉන් සම්පුර්ණ ප්‍රයෝජනය ගත යුතු බවත් සමස්ථ පාර්ලිමේන්තුවම මහජන සහයෝගයත් සමඟ ඒක් විය යුතු බවයි.

තවද පිස්සු බල්ලෝ වගේ කෑ ගහනකොට මොකද වෙන්නේ යැයි අගමැතිවරයා වැඩ්දුරටත් විමසුවා.

” අද තිබෙන්නේ ආගමික ත්‍රස්තවාදයක්. මේකට අතලොස්සක් සම්බන්ධවුණත් ඇත්තෙන්නම මේක දීර්ඝ කාලයක් කළ සැලසුමක්. මේ අයට හොඳ පුහුණුවක් ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගෙන රදවාගැනීමට පොලීසියට හා හමුදාවට බලතල ලබා දී තිබෙනවා.

පොලීසිය හා හමුදාව මේ වන විට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගණන් කියන්නේ නෑ. මුස්ලිම් ජනතාවත් මේ ප්‍රහාර හෙළා දකිනවා. අවුරුදු දෙකක යුද්ධයකට යන්න ඉඩ දෙන්නේ නෑ. ත්‍රස්තවාදය අවසන් කරන්න පියවර ගන්නවා.” යැයි වැඩ්දුරටත් පාර්ලිමේන්තුව අමතම්න් පැවසුවා.

Read more

Local News