දුම්රිය පීලි පැනිමක් – උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Share

දුම්රිය පීලි පැනිමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.
දුම්රිය මූලස්ථානය ප්‍රකාශ කළේ ඊයේ (14) රාත්‍රී 08.45ට පමණ රජරට රැජින දුම්රිය පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර දුම්රිය මාර්ගයේදී පීලිපැනිමකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් අද (15) උදැසන 05.10ට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කිරිමට නියමිත නගරාන්තර දුම්රිය අවලංගු කර තිබේ.

Read more

Local News