කුලියාපිටියේ නවතා තිබු වාහනයක් සමඟ සැකකරු පොලිස් බාරයට

Share

පෙරවරු 10 පටන් කුලියාපිටිය මූලික රෝහල් පිටුපස ගේට්ටුව අසල මහනුවර ප්‍රදේශයට අයත් බවට විශ්වාස කළ වාහනයක් ගැන සෝදිසි කිරීමක් සිදු කර තිබේ.

CP අංකයෙන් පටන්ගන්නා පෙජරෝ වර්ගයට අයත් වාහනයක් නවතා ගොස් තිබූ බවත් සවස 4 වනතෙක් එම වාහනය එම ස්ථානයේම නවතා තිබූ බවත් පවසමින් කලබලයට පත්වූ ප්‍රදේශවාසීන් රෝහල් කාර්යමණ්ඩලය ආදී පිරිස කුලියාපිටිය මූලස්ථාන පොලීසියට දැනුම් දී තිබේ.

පසුව දිගු වේලාවක පරිශ්‍රමයකින් අනතුරුව හිමිකරු පැමිණීමත් සමඟ රථය හා රියදුරු පොලිස් භාරයට ගැනීමට කුලියාපිටිය පොලීසිය කටයුතු කර තිබේ.

එම ස්ථානයේ පැය කිහිපයක් රාජකාරි යොදවා තිබූ පොලිස් නිලධාරීන් එම වාහනය අසලට යන පිරිස් වළක්වමින් කටයුතු සිදුකළ අතර එහිදී මූලස්ථාන ප්‍රධාන පොලිස්පරීක‍ෂකවරයා කඩිනමින් මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව පවා දැනුම්වත් කොට තොරතුරු ලබා ගත් බවටද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරුට අයත්ව තිබූ රියදුරු බලපත්‍රය හා වාහනයේ බලපත්‍ර පිළිබඳව යම් සැකසහිත ස්වභාවයක් පවතින බවද සඳහන් කළ පොලීසිය සැකකරු හා සැකසහිත වාහනය පොලිස් භාරයට ගත්තේය.

Read more

Local News