සියලු දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන්න උපදෙස්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව සියලුම දිසාපතිවරුන්ට අදාළ දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා වහාම ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටුව රැස්වූ අවස්ථාවේ දී ය.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

”අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව හැකි ඉක්මණින් දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා පොලීසිය, ත්‍රිවිධ අහමුදාව සහ දේශපාලන අධිකාරිය වගේම ආගමික නායකයන් සමග එක්ව  අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ගන්නා ලෙස සියලුම දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා.

සියලුම දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු රැස්වී දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරු ආරක්ෂක කමිටු කැඳවා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන දැනටමත් වාර්තාවක් සකස් කරලා ලබා දී තිබෙනවා.“

Read more

Local News