සැකකටයුතු වාහන හා පුද්ගලයන් ගැන කියන්න දුරකතන අංක මෙන්න

Share

ත‍්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන් වාහන සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට යුද හමුදා මූලස්ථානය කටයුතු කර තිබේ.

මේ අනුව යම් සැකකටයුතු ක‍්‍රියාකාරකම් සම්බනධව විස්තර ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු පහත දුරකථන අංක ඔස්සේ දැනුම්දෙන ලෙසද යුධ හමුදා මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

011-2434251,

011-4055105,

011-4055106,

076-6911604

011-24333335

Read more

Local News