බුද්ධි අංශයෙන් ලද තොරතුරු, හුවමාරුවේ දුර්වලතා තිබුනා

Share

දිවයිනේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් ලැබුණු තොරතුරු සන්නිවේදනය වීමේ ගැටලුවක් පැවති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටින්නේ ඊයේ (23) ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන NDTV සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී  සිය අදහස් පල කරමිනි.

තොරතුරු හුවමාරු කර ගැනීමේ පැවති දුර්වලතා සම්බන්ධයෙන් බලධාරීන් සිය අවධානය යොමු කොට ඇති බවත් කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා මේ වන විට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියි.

ප්‍රහාර මාලාව සිදුවී ඇත්තේ ජාත්‍යන්තර සබඳතා මත වන අතර මේ වන විටත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ හොඳ බුද්ධි හුවමාරු පද්ධතියක් පවතින අතර අමරිකාවේ හා එංගලන්තයේ ද සහයෝගය ශ්‍රී ලංකාවට මේ වන විටත් ලැබී ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

Read more

Local News