කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට සඳහා යොදා ගත් බෝම්බ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවකදී නිපදවන්නට ඇති බවට “ඩේලි මේල්“ පත්‍රයෙහි “MailOnline“ වෙබ් අඩවිය විසින් ප්‍රකාශ කරයි.
මෙම තඹ කර්මාන්ත ශාලාව කොළඹ සුපිරි හෝටල් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල අයෙකුට අයත් බවට වැල්ලම්පිටිය අනාවරණය කර ගෙන ඇති එම එම වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අතර කොළඹ අනෙක් සුපිරි හෝටල් දෙක තුළදි මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් එල්ල කර ඇත්තේ මෙම කර්මාන්ත ශාලව හිමිකරුගේ සොහොයුරන් බවට තොරතුරු හෙළිව ඇති බව වාර්තා වෙයි.
අදාළ කර්මාන්ත ශාලාව පරික්ෂා කළ විමර්ශකයින් සැකකරන්නේ එම ස්ථානයේදී බෝම්බකරුවන් කොළඹදී පුපුරා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ සකස් කරන්නට ඇති බවයි.
එම මරාගෙන මැරෙන පෝම්ප සඳහා ඔවුන් ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් “triacetone triperoxide“ හෙවත් IS සංවිධානය විසින් “සාතන්ගේ මව” යනුවෙන් හඳුන්වන මුල ද්‍රව්‍ය යොදා ගන්නට ඇති බව වෙබ් අඩවිය වාර්තා කරයි.
තවද මීට පෙර 2017 මැන්චෙස්ටර් සහ 2015 වර්ෂයේදී පැරිසියේදී IS සංවිධානය විසින් පුපුරුවා ගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන්ට යොදා ගනු ලැබුවේද මෙම ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් “triacetone triperoxide“ නම් අමුද්‍රව්‍ය බවද හෙළිව තිබේ.
ඉකුත් පාස්කු ඉරිදා පුපුරා ගිය මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් හේතුවෙන් පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 38 දෙනෙකු වන බව වාර්තා වෙයි.