පසුගිය ඉරිදා දින දිවයින පුරා සිදුවු පිපිරීම් නිසැකයෙන්ම වසර 7ක් හෝ 8ක් සැලසුම් කර සිදු කරන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට පැවැත්වෙයි.
එයට එක්වෙමින් මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කිරීමට වසර 12ක් පමණ ගතවු නමුත් මොවුන් එය එක වරම සිදු කළේ නිසැක වශයෙන්ම වසර කීපයක සැලසුමක් මත බවත්, මිය ගිය ත්රස්ථවාදීන් කීප දෙනා පමණක් නොව තවත් 300-400 ක් වැනි ප්රමාණයක් ලංකාවේ සිටිය හැකි බවත් මන්ත්රීවරයා මෙහිදී කියා සිටියේය.