වේගෙන් ආ ලොරි රථය මාර්ගයෙන් පිටතට පැන අනතුරක්

Share

මස්කෙලිය සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වු කුඩා ලොරි රථයක් සහ හැටන් සිට මස්කෙලිය ධාවනය වු
පෞද්ගලික බස් රථයක් එකිනෙත ගැටි ලොරි රථය මාර්ගයෙන් පිටතට පැන අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

අද (24) උදැසන 8.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මස්කෙලිය ප්‍රධාන මාරගයේ නොර්වුඩ් රොක්වුඩ්
ප්‍රදේශයේදිය.

මස්කෙලියේ සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් දියර කිරි ප්‍රවහනය කල කුඩා ලොරි රථයේ වේගය පාලනය කර ගත
නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් කුඩා ලොරි රථයට අලාභ හානි සිදු වි ඇත.

කුඩා ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් ලොරි රථයේ ප්‍රවහනය කල දියර කිරි හැලි ඇති බවයි පොලිසිය
පැවසුවේ.

Read more

Local News