තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් එක් කාන්තාවක් ජිවිකත්ෂයට පත් වි තිබේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් දස දෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.
බඹර ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ රමයියා වෙල්ලඅම්මා නැමති 62 හැවිරිදි සිව්දරු මවකි.
බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වතුයායේ තේ දළු නෙලමින් සිටියදි අද(24) දහවල් 12 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.
තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිම හේතුවෙන් බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.