ජනපති හෙට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

Share

රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (25) කැඳවා තිබේ.

හෙට පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වෙයි.

මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය  නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

Read more

Local News