දඹුල්ල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී තියුණු ආයුධ දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පසුගියදා දඹුල්ල නගරයේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණි.
පොලීසිය සඳහන් කළේ, එම සෝදිසි මෙහෙයුම්වලදී ලද තොරතුරු මත දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු අද(24) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය සිදුකරයි.