නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

ඊයේ (17) උදෑසන ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ගෙවල් බිඳ දේපල සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මොරටුමුල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු අවුරුදු 27 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මොරටුමුල්ල සහ පිළියන්දල යන පොලිස් වසම්වල සිදු කර තිබූ ගෙවල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු විසින් සොරකම් කරන ලද ජංගම දුරකථනයක්, තඹ බට 25 ක්, රන් වළල්ලක් උකස් තබන ලද ලදුපතක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මොරටුමුල්ල පොලිසිය විසින් මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News