තවමත් කටුනායක පිටවීමේ පර්යන්තයේ දැඩි තදබදයක්

Share

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි සංචාරකයන් බොහෝමයක් මේ වන විට රටින් පිටවෙමින් තිබේ. කටුනායක පිටවීමේ පර්යන්තයේ දැඩි තදබදයක් තවමත් පවතින බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන සංචාරකයන් කටුනායකට පැමිණ ඊළඟ ගුවන් යානයෙන් ලංකාවෙන් පිටව යන තත්ත්වයක් දක්නට ඇති බවත් කටුනායක ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ දක්වා ලංකාවෙන් පිටවීමට මගී ඉල්ලුම අනුව ඔවුන් රැගෙන යාම වෙනුවෙන් නිශ්චිත කාලසටහනට අයත් නොවූ ගුවන් යානා දෙකක් (Charter Flights) දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වෙයි.

Read more

Local News