Tuesday, March 19, 2024.

මියන්මාරයේ නායයෑමකින් පුද්ගලයින් 54ක් අතුරුදන්

Share

මියන්මාරයේ උතුරුදිග කලාපයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 54දෙනෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

මියන්මාරයේ සිදුවූ නායයාමකින් ඒ සමීපයේ පිහිටි ජේඩ් පතලක සේවය කරමින් සිටි පිරිසක් ඊට යටව ගොස් ඇත.

එම අනතුර සිදුවූයේ කචීන් පළාතේය.

පතළ අසළ පිහිටි කන්ද නායගොස් ඒ සමීපයේ තිබූ ජලාශය පිටාර ගිය ආකාරයත්, ඒ සමඟින්ම නැගී ආ මඩ ප්‍රවාහයෙන් අසළ සිටි කම්කරුවන් යටවී ගිය ආකාරයත් අදාළ වීඩියෝවල සටහන්ව තිබුණි.

අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක නමුත් ඔවුන් නිරුපද්‍රිතව ගොඩගැනීමට නොහැකි වනු ඇති බවට සැක පළ කෙරෙන බවත් විදෙස් වාර්තා සඳහන් කර සිටියි.

මියගිය පිරිසගේ සිරුරු පවා ගොඩගැනීම ඉතාමත් අසීරු වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කළේය.

Read more

Local News