ඉස්ලාමි අන්තවාදී අධ්‍යාපන ආයතනවල වගකීම රජය භාරගත යුතුයි

Share

ඉස්ලාමීය අන්තවාදී අදහස් ඉගැන්වීම් සිදුකරන අධ්‍යාපන ආයතනවල වගකීම රජය භාර ගතයුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්වූ පළමු අවස්ථාවේදී කළ යුතුව තිබූ පළමු කාර්යය වූයේ ආරක්ෂක ලේකම්වරයා ඉවත් කිරීම බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදි පැවසීය.

රටේ නීතිය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් වගකීම ආරක්ෂාව හා බැඳී ඇති බව ද සඳහන් කළ උන්වහන්සේ, ආරක්ෂක අංශයේ ලේකම්වරයා යනු ආරක්ෂාව නීතිය හා බැඳී විශාල වගකීසක් සහිත පුද්ගලයෙක් බව ද පැවසීය.

මේ රටේ ප්‍රධානතම නිලයක් වන ආරක්ෂක ලේකම්වරයා යන පුද්ගලයාගේ කථාව තුළින් ශ්‍රි ලංකාවේ ආරක්ෂාවේ ඇති නග්නභාවය ඉස්මතු වු බව ද සෝභිත හිමියන් සඳහන් කළේය.

එනිසා පාර්ලිමේන්තුව ඊයේ(23) රැස් වු විට කළ යුතුව තිබු පළමු කාරණය වන්නේ අදූරදර්ශී කිසිදු වගකීමක් නැති මේ නිලධාරියා ඉවත් කර, එයට සුදුසු නිලධාරියෙක් පත් කිරීම බව ද උන්වහන්සේ පැවසීය.

මේ විෂය දන්නා වගකීමක් සහිත පුද්ගලයෙක් මෙයට පත් කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවේ පළමු පියවර විය යුතු බවත්, එ් ගැන කිසිවෙකු කථා නොකිරීම ගැන තමා කණගාටුවට පත් වන බව ද උන්වහන්සේ කියා සිටියේය.

Read more

Local News