පාර්ලිමේන්තු අවසර පත්‍ර 6ක් හා කැබ් රථයක සිටි තරුණයෙක් අත්අඩංගුවට

Share

බලන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේදී පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේ දල සැලැස්මක්, පාර්ලිමේන්තු අවසර පත්‍ර 06ක් සහ කැබ් රථයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බලන්ගොඩ පොලීසිය ලද තොරතුරක් මත අදාල නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර එම නිවසේ තිබී ටැබ් පරිඝනකයක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 13ක්, ටී 56 ජීව උණ්ඩ 02ක්, ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක් ද සොයාගෙන ඇති බව සඳහන්ය.

පුපුරණ ද්‍රව්‍ය තිබේද යන්න සම්බන්ධයෙන් අදාල නිවස සහ පොලිස් බාරයට ගැණුනු කැබ් රථය ද ටෝගා නමැති සුනඛයා ලවා පරීක්ෂාවට ලක් කිරීමට බලන්ගොඩ පොලීසිය කටයුතු කර ඇත.

කැබ් රථයේ හිමිකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තරුණයා අද (25) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News