කුණු වළකට වැටී 4ක් මරුට

Share

වවුනියාව නගරයේ තාණ්ඩිකුලමේ අපද්‍රව්‍ය වලක් පිරිසිදු කිරීමට ගිය පුද්ගලයින් සිවු දෙනකු එම අපද්‍රව්‍ය වළට වැටී මරණයට පත් වී ඇත.

මෙලෙස මරණයට පත්වී ඇත්තතේ වව්නියාව නගර සභාවේ සේවය කළ වයස අවුරුදු 28ත් 42ත් අතර වයසේ පසු වූ  සේවකයින් සිව් දෙනකි.

වව්නියාව ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෙකු වව්නියාව නගර සභාවට අයත් ගව ඝාතකාගාරය ටෙන්ටර් පදනම ලබාදෙන පවත්වා ගෙන ගොස් ඇති අතර එම ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය රැදී පැවති වලක් පිරිසිදු කිරීමට ගිය  කම්කරුවන් සිවූ දෙනා එම අපද්‍රව්‍ය වලේ   විෂ වායුව ආඝ්‍රහණය වීමෙන් අද(25) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

මියගිය පිරිසගේ මළ සිරුරු වව්නියාව රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

Read more

Local News