රයන් 2 දක්වා රිමාන්ඩ්

Share

රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද(25) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා මෙම නියෝගය ලබා දී ඇත.

ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු  කෙරෙයි.

රයන් වෑන් රෝයන්  ගංජා ළඟ තබාගෙන සිටියේ ද නැතිනම් ප්‍රවාහනය කර පලා ගියේ ද යන්න පිළිබඳ නිවැරදි වාර්තාවක් ඊළඟ නඩු දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද වැලිගම පොලීසියට අධිකරණය විසින් නියෝග කළේය.

මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවේ සිට එරටින් පිටුවහල් කෙරුණු රයන් වෑන් රෝයන් කටුනායක ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය 4 වන දා වැලිගම පොලීසියට වෙත භාරදෙනු ලැබීය.

 

Read more

Local News