රජයට හා ඉස්ලාම් සමාජයට විශේෂ යෝජනාවලියක්

Share

සිදුවූ වැරැද්දෙන් කිසිවෙකුටත් තවදුරටත් ආරක්ෂා විය නොහැකි බව ඇමති චම්පික රණවක මහතා පවසයි. රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් තමන් ඒ පිළිබඳව අතිශය ලැජ්ජා වන බවත් ප්‍රකාශ කළේය.

අද (25දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරය හා අනුබද්ධ සංවිධාන තහනම් කර සාමාජිකයන් අත්අඩංගුවට ගත යුතු බවත්, නිකාබ් හා බුර්කාව පැළඳීම තහනම් කළ යුතු බවත් ශරියා විශ්ව විද්‍යාල, මද්‍රාසා පාසල් සියල්ල රජයේ ප‍්‍රතිපත්තීන්ට අනූකූල නියාමනයකට යටත් කළ යුතු බවත් ඔහු පැවැසීය.

එසේම ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීම සඳහා රජයට සහ ඉස්ලාම් සමාජයට විශේෂ යෝජනාවලියක්ද ඔහු ඉදිරිපත් කළේය.

Read more

Local News