අලුත් ශ්‍රී ලංකාවක් හදමු, අපට අවශ්‍ය සංවර්ධිත රටකට ගමන් කිරීමටයි – රවී කරුණානායක මහතා

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018  (පස්වැනි වෙන් කළ දිනය) අද (15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර  දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ,

2015  දී ණය කන්දරාවක්, දණ ගැස් වූ ආර්ථිකයක්, බාර දුන්නේ. ආදායම බිලියන 2326ක් බලාපොරොත්තු වෙනවා. යම් විනයක් ඇතිව කටයුතු කළොත් මේ ආදායම ලබාගන්න පුළුවන්. නව්‍යකරණය, දේශීය ආදායම් පනත යළි සකස් කිරීම කඩිනම් කර තිබෙනවා. ආදායම් උපයා ගැනීමට කටයුතු යවත්කාලීන කර තිබෙනවා. ආදායම අඩුවෙන ස්වරූපය දෙසත් බලන්න ඕන. ලෝක බැංකුව කියන්න පුළුවන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්න පුළුවන්, එහෙත් රටට ඔබින දේ කරන්න ඕන. ප්‍රායෝගික රැකියා ඇති කිරීම හා ව්‍යාපාර ආරක්ෂා කරගැනීම කළ යුතුයි.

රටට ආදායම අවශ්‍යයි. ආදායම හොයලා, ණය අඩුකරන්න හැකි නම් සංවර්ධනයකට ගමන්කරන්න හැකි වේවී. සීමිත සම්පත් නිසි ආකරයෙන් භාවිත කරමු. අලුත් ශ්‍රී ලංකාවක් හදමු. ක්‍රියාවෙන් කටයුතු කරමු. අපට අවශ්‍ය සංවර්ධිත රටකට ගමන් කිරීමට යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

Read more

Local News