ඇඳිරි නීතිය ඉවතට

Share

ඊයේ රාත්‍රි 10.00ට පැණ වු පොලිස් අඳිරි නිතිය අද පෙරවරු 4.00න් අවසන් වි තිබේ.

බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ කණ්ඩායම් 15ක් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කලේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකරුවන් 70කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකටයුතු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදි ආරක්ෂක අංශ වලට සහය පළ කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය.

මේ වනවිට ආරක්ෂාව සඳහා හමුදාවේ දසදහසක පමණ පිරිසක් යොදවා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News