කැබිනට් ආරක්ෂක කමිටුවක් ?

Share

ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

රටේ ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය අතර සමීප අවබෝධය ඇති කිරීම සඳහා මෙම කමිටුව පිහිටුවීමට සැලසුම් කර ඇත.

යෝජිත කැබිනට් ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා නම් කර ඇති අතර, අගමැතිවරයා, නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරුන් ප්‍රමුඛ ජාතික බුද්ධි කාර්යාංශ ප්‍රධානීන්ගෙන් කැබිනට් ආරක්ෂක කමිටුව සමන්විත වේ.

ඊටඅමතරවලබනවසරේසිට එයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාද සහභාගි කරවා ගැනීමට යෝජනා කර ඇති අතර, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ඇතිවන ඇතැම් ගැටලුවලදී ඊට පියවර ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයා, මුදල්අ මාත්‍යවරයා හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාද කැබිනට් ආරක්ෂක කමිටුව හමුවට කැඳවීමට යෝජිතය.

අශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක මණ්ඩලය 1971 සිට ආරම්භ කර අවුරුදු 48ක කාලයක් පැරණි ආරක්ෂක යාන්ත්‍රණයක් බැවින් ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක නව ආරක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අරමුණින් ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇතිබව ආණ්ඩුවේ නියෝජිතයෙක් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයක සිටින එංගලන්තය, ඉන්දියාව වැනි රටවලද මෙවැනි කැබිනට් ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වේ.

Read more

Local News