පිපිරීම්වලට සැකපිට 6ක් කිලිනොච්චියෙන් අත්අඩංගුවට

Share

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

අදාළ සැකරුවන් ඊයේ(25) සවස කිලිනොචිචිය ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලිසිය පැවසුවේ යුධ හමුදා නිලධාරීන් වෙත ලද තොරතුරු මත කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු, කිලිනොච්චිය ලුම්බිණි විහාරය ආසන්න අතුරු මාර්ගයේ සිටි පුද්ගලයෙකු හා කිලිනොච්චිය කනකඅම්බිගෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ව්‍යාපාරිකයින් ලෙස පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News