මරාගෙන මැරෙන ඇඳුම්වලට ගන්නා උපකරණ තොගයක් අම්පාරෙන්

Share

අම්පාර නින්දවූර් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් කණ්ඩායමක් සිටින බවට ලද තොරතුරකට අනුව නිවසක් පරීක්ෂා කිරීමේ දී මරාගෙන මැරෙන ඇඳුම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන ඇත.

එහිදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්, එම බෝඩ් සඳහා සවි කරන සුවිච්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් සොයාගෙන ඇත.

මේ අතර මස්කෙළිය ප්‍රදේශයේ දී තියුණු ආයුධ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මස්කෙළිය පොලීසිය සිඳුකළ විශේෂ මෙහෙයුමකදී මෙම  ප්‍රදේශයේ පිහි තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

පොලසීය බාරයට ගත් මෙම පිහි 49ක අඟල් 9 සිට 12 දක්වා දිඟින් යුත් බව පොලීසිය සඳහන් කර ඇත.

Read more

Local News