බුර්කාව වහාම තහනම් කරන්න – සිංහල රාවය

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි රජය බුර්කාව තහනම් කළ යුතු බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

කොළඹදී අද(27) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළේය.

බුර්කාව ඇඳගත්තාට පස්සේ ඇතුළේ ඉන්නේ කවුද කියන්න පුළුවන්ද? යනුවෙන් උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ආණ්ඩුව මෙය තහනම් කිරීමට බය කුමක් නිසා ද යැයි ප්‍රශ්න කර සිටි උන්වහන්සේ බුර්කාව යොදා ගෙන සිදු කළ අපරාධ බොහෝමයක් අනාවරණය වී ඇති බව ද පැවසීය.

මේ  පිළිබඳව ආණ්ඩුව ක්‍රියා නොකළ හොත් ස්වාමීන් වහන්සේලා මහ මඟට බහින්න සිදුවන බවත් ඒ තත්ත්වයට පත් නොකරන ලෙසත් උන්වහන්සේ සඳහන් කළේය.

Read more

Local News