අමෙරිකානු මහද්වීපයේ ඉපැරැණිතම මානව පා සටහන මෙන්න

Share

අමෙරිකානු මහද්වීපයේ පැරැණිතම මානව පා සටහන හඳුනාගැනීමට තමන් සමත්වූ බව විද්‍යාඥයන් පිරිසක් පළමුවරට අනාවරණය කර ඇත.

එය හමුව ඇත්තේ චිලී රාජ්‍යෙයනි.

වසර 15 600ක් තරම් පැරැණි මේ මානව පා සටහන පළමුවරට සොයාගෙන ඇත්තේ 2010 වසරේදීයි.

ඒ චිලී හී විශ්වවිද්‍යාල සිසුන් පිරිස් විසිනි.

චිලී රාජ්‍යෙය් දකුණුදිග ප්‍රදේශය තිබී හමුවූ අදාළ පා සටහන සම්බන්ධයෙන් සිදුකෙරුණු වසර 9ක දීර්ඝ පරීක්ෂණවලින් අනතුරුව එය අමෙරිකානු මහද්වීපයේ ඇති පැරැණිතම මානව පා සටහන ලෙසින් හඳුනාගැනුණේ පසුගියදාය.

අදාළ පා සටහන සමීපයේ තිබී තවත් සත්ත්ව අස්ථීන් කිහිපයක්ද හමුව ඇති අතර ඒවා පුරාතන හස්ථීන්ගේ අස්ථීන් ලෙසින් හඳුනා ගැනුණි.

කෙසේ නමුත් මෙම මානව පා සටහන නිෂ්චිතව හඳුනාගැනීම, මේ කාලයේදී එම ප්‍රදේශයේ මිනිසුන් සිටි බවට හොඳ සාක්ෂියක් බවට සැලකෙයි.

මින් පෙර අමෙරිකාවෙන් හමුවී තිබූ පැරැණිතම මානව පා සටහන වසර 12 000ක් තරම් පැරණිය.

කෙසේ නමුත් මෙවර සොයාගැනීමත් සමඟ අමෙරිකාවේ මානවයන්ගේ ඉතිහාසය තවත් අතීතය දක්වා දිවයන බව විද්‍යාඥයන් පෙන්වා දෙනු ලබයි.

Read more

Local News