දෙහිවල ව්‍යාපාරික නිවසකින් කඩු 6ක් හමුවෙයි

Share

දෙහිවල කෝටිපති ව්‍යාපාරික නිවසක හා තවත් ව්‍යාපාරික නිවසක තිබි කඩු හයක් සමඟ සම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

යුද හමුදා නිලධාරීන් සහ දෙහිවල පොලීසිය එක්ව මෙම නිවස තුළ සිදු කළ මෙහෙයුමකදි කෝටිපති ව්‍යාපාරිකයා පදිංචි මහල් හයකින් යුතු උඩු මහලේ ඔහු යාඥා කරමින් සිටියදි පරික්ෂා කළ නිලධාරීන්ට මෙම කඩු සොයා ගත හැකි විය.

ඉන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේම තවත් ව්‍යාපාරික නිවසක් වැටලිමේදි මෙලෙස තවත් කඩු සොයා ගැනිමට හැකි වු බව දෙහිවල පොලීසිය වැඩිදුරටත් පැවසීය.

එක් ව්‍යාපාරිකයෙකු වාහන අලෙවි සැලක් පවත්වාගෙන අයෙකු බවත් අනෙක් තැනැත්තා ඖෂධ ආනායනය කරන අයෙකු බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News