ගූගල් කර ඇති වරදක් ?

Share

ඉස්ලාමීය අන්තවාදීන්ගේ හා ත්‍රස්තයන්ගේ අදහස් අන්තර්ජාලය තුළ හුවමාරු වීම වැළැක්වීම සඳහා ගූගල් ඇල්ගෝරිතම වෙනස් කරන ලෙස බ්‍රිතාන්‍ය හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉල්ලීමක් කර තිබේ.

බ්‍රිතාන්‍ය මුස්ලිම් දේශකයන් අතර ගූගල් සෙවුම් යන්ත්‍රයේ ඉහළම තැන ගන්නා තැනැත්තා ලෙස ISIS ත්‍රස්තවාදයට උදව් කිරීමේ චෝදනාවට ලක්ව වසර කිහිපක් සිරභාරයේ සිටි අන්තවාදී ඉස්ලාමීය දේශකයෙකුගේ නම පැමිණීමම ගූගල් කර ඇති වරදක් බව එරට පොලීසියේ හිටපු සහකාර කොමසාරිස් සර් මාර්ක් රොව්ලේ අවධාරණය කරයි.

බී.බී.සී. රේඩියෝ 4 වැඩසටහන සමග එක්වෙමින් ඔහු පවසන්නේ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ ඇල්ගෝරිතමයක් මගින් මෙම අන්තවාදී ඉස්ලාමීය දේශනා ඇසීමට ජනතාව වැඩි වශයෙන් පොළඹවා ඇති බවයි. ඒ ඔස්සේ වෙළෙඳ දැන්වීම් හරහා ඔවුන් වැඩි ආදායම් උපයා ගැනීම අරමුණු කර ඇති බවටද ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත්, ගූගල් සෙවුම් යන්ත්‍රය අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

Read more

Local News