වව්නියාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් ගිනිඅවි හමුවෙයි

Share

වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම්  ව්‍යාපාරික හෝටලයේ  සහ ඉඩමේ සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන්ගෙන් ගිනිඅවි සහ බෝම්බ හමු වීම හේතුවෙන් මුස්ලිම් ව්‍යාපාරිකයා ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියි.

වව්නියාව නොවිසුඳුනු අපාරාධ විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව දාවුඩ් හෝටලය පූර්ණ පරික්ෂාවකට ලක් කල අතර එහිදී මුස්ලිම් ව්‍යාපාරිකයාගේ කාමරයේ සිදු කල පරික්ෂාවකදී පළමුව එහි වහලයේ සිවිලිම තුල සඟවා තිබූ ගිනිඅවි සඳහා භාවිතා කරන පතුරම් කිහිපයක් හමු වී ඇත.

පසුව ඒ බව පොලිස් නිලධාරීන් විසින් ළඟම පිහිටි යුද හමුදා කඳවුර හා පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙතට දැනුම් දී යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දාවුඩ් හෝටලය පිහිටි ඉඩම පූර්ණ පරික්ෂාවකට ලක් කොට ඇත.

එහිදී ඉඩමේ විවිධ ස්ථානයන්හි ඉතා සූක්ෂමව සඟවා තිබූ මෝටාර් බෝම්බ හා බිම්බෝම්බ, අත්බෝම්බ අතුළු යුද උපකරණ තොගයක් සොයාගනු ලැබීය.

එහිදී ප්ලාස්ටික් බටවලට දමා අදාළ යුද උපකරණ තොගය සගවා තිබූ අතර එහි තිබී ගිනිඅවි සඳහා භාවිතා කරන පතුරම් 16ක්, මෝටාර් උණ්ඩයක් සහ තවත් මෝටාර් උන්ඩයක කොටසක්, බිම්බෝම්බ 3ක්, අත්බෝම්බ 1ක්, අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වූ හැඳුනුම්පත් 6ක්, පිහියක් තිබී හමු වී ඇත.

අනතුරුව  හෝටලයේ හිමිකරු වූ 46 හැවිරිදි මොහු ෂරීෆ් දාවුඩ් නජීෆ් නැමත්තා අත්අඩංගුවට ගෙන අදාළ යුධ උපකරණ තොගයද සමඟ වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කනගරායන්කුලම් පොලීසිය වෙතට භාර දෙනු ලැබීය.

Read more

Local News