කඩු දෙකක් සමඟ පුද්ගලයෙක් වවුනියාවේ දී අත්අඩංගුවට

Share

අද(30) උදෑසන වවුනියාව, පට්ටාන්ච්චූර් ප්‍රදේශයේදී කඩු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

ලද තොරතුරක් මත වවුනියාව පට්ටාන්ච්චුර් ප්‍රදේශයේ නිවසක අප ජලය ගලායන කාණුවක සඟවා තිබු පයිප්පයක් තුළ තිබි අදාළ කඩු දෙක සොයාගත් බවයි පොලිසිය පැවසූවේ.

වවුනියාව පට්ටාන්චිචූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වු මුස්ලිම් ජාතිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරී‍මට නියමිතයි.

වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News