වත්මන් තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා

Share

රට තුළ පවතින වත්මන් තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දැමීමක් සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ත්‍රස්ත ක්‍රියා මඟින් සිදු වන්නේද ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමක් බවත් මැතිවරණ කල් දැමීමකින් සිදු වන්නනේද ප්‍රජාතන්ත්‍රවාදය බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙම සිදුවීම ඉතා කනගාටු දායක සිදුවීමක් බවත් පවසන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳන් කළේ බෝම්බ පිපිරෙන අවස්ථාවලත් මිනී මැරුම් සිදුවන අවස්ථාවලත් මෙරට මැතිවරණ පවත්වා ඇති බවයි.

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතු කර ගෙන තවදුරටත් මැතිවරණ කල් දමමින් නිල කාලය දිර්ඝ කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන හානියක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News