ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රහාරකට සැලසුම් ?

Share

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදුකළ කණ්ඩායමට ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් පැවතිය හැකි බව මෙරට අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ තර්ජනය මෙතෙක් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ සාමාජිකයින් තවදුරටත් සක්‍රියව සිටින බවට විශ්වාසය පළ කළ හැකි බව ද ඇය පවසයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය රොයිටර් පුවත් සේවයට වැඩිදුරටත් පවසන්නේ, එම කණ්ඩායමට අයත් සාමාජිකයින් මෙතෙක් සම්පූර්ණයෙන්ම මර්දනය වී නොමැති බැවින් ඔවුන් තවදුරටත් සැලසුම් සකස් කරමින් සිටිනු ඇති බවට සැක පල කල හැකි බවයි.

Read more

Local News