මුස්ලිම් පල්ලි භාරකරුගේ නිවසෙන් අවිආයුධ තොගයක්

Share

පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අවිආයුධ තොගයක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ  (30) දා සවස ජා-ඇල කණුවන ප්‍රෙස්වත්ත ප්‍රදේශයේ  ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය හමු වී තිබේ.

මෙම ආයූධ අතර බලපත්‍ර රහිත බෝර 12තුවක්කුවක් හා එයට යොදන පතුරම් 72ක් ,වායු රයිෆල්යක් හා එයට යොදන උණ්ඩ 300ක්,තහනම් පිහි 03ක්, ගුවන් යානා නාශක හිස් උණ්ඩ 4ක්,එම්.පි.ඒ.ජී.උණ්ඩ19ක්, පොයින්ට් 22වර්ගයේ උණ්ඩ 07,ක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඒකල මැතිව් පාරේ ජමාතුල් ජමාත් මුස්ලිම් පල්ලියේ භාරකරු වු තුවාන් මොහොමඩ් අසාරි (69) නැමති අයෙකි.

විදුලි මෝටර් කාර්මිකයකු හා යන්ත්‍ර උපකරණ අළුත්වැඩියාව කරන්නකු ලෙසද අත්අඩංගුවට ගත් පුද්ගලයා කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වු අයකු බවද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පොලිස් පරීක්ෂණ කටයුතු ජා-ඇල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මසිරි සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්  විසින් සිදු කරනු ලබයි.

Read more

Local News