මහින්දගේ මැයි දින පණිවුඩය මෙන්න

Share

ලෝක වැඩකරන ජනතාවගේ ඓතිහාසික දිනය වූ මැයි දිනය පැවැත්වීමට නොහැකි තරමටම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අර්බුදයට ලක්වීම පිළිබඳව තමන් සතුව ඇත්තේ බරපතල කණගාටුවක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තම මැයි දින පණිවුඩය නිකුත් කරමින් සඳහන් කර ඇත.

එමෙන්ම, එකී ආනාරක්ෂි බව හරහා මතු වූ අන්තවාදය හා ත්‍රස්තවාදය විසින් බිලිගත් ශ්‍රී ලාංකීය ජීවිත පිළිබඳව මතුව ඇත්තේ සාතිශය වේදනාවක් බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙවන් පසුබිමක, ලෝක වැඩකරන ජනතාවගේ දිනය නාමමාත්‍රිවකව හෝ සිහිපත් කිරීම සඳහා සංවේදීව මෙන්ම නිහඬව පෙළගැසුණු ශ්‍රී ලාංකීය වැඩ කරන ජනතාව වෙත සියලු පුරවැසියන්ගේ සහෝදරාත්මක ගෞරවය පිරිනැමිය යුතු බව විපක්ෂනායකවරයා සඳහන් කර සිටියි.

මෙවර මැයි දිනයේ ජාතික අධිෂ්ඨානය විය යුත්තේ කුරිරු ත්‍රස්තවාදය මුලින් උපුටා දමමින් ජාතික සමඟිය ගොඩ නැගීමද සිත්පිත් නැති ත්‍රස්තවාදයට මුවා වී සිඳලන්නට සැරසෙන ශ්‍රී ලාංකීය වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම සඳහා සටන්කාමීව තම වගකීම් ඉටුකිරීමද වන බව ඒ මහතා තම මැයි දින පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

එක්සත්ව, එක්සිත්ව ජාතික ආරක්ෂාවවද, ජාතික ආර්ථීකයද, පුරවැසියන්ගේ සියලු අයිතිවාසිකම්ද රැකගැනීම සඳහා මෙම ඓතිහාසික දිනයේදී අදිටන් කර ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

Read more

Local News