කල්පිටිය-මණ්ඩලකුඩාව ප්‍රදේශයේ ඊයේ(01) දින සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 31 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.
එහිදී එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් වයස අවුරුදු 25 – 70 ත් අතර වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සතුව තිබූ යතුරු පැදි 03 ක්, මෝටර් රථයක් සහ ජංගම දුරකතන 03ක්ද පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම මෙහෙයුම සඳහා කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහායද පොලීසියට ලැබී ඇත.
කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යයි.